ස්වාභාවික ගෑස් නිෂ්පාදනය වැඩිකරයි



කුවේටයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ස්වාභාවික ගෑස් නිෂ්පාදනය වැඩිකිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ස්වාභාවික ගෑස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බව කුවේට් ගෑස් සමාගමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී, කලීඩ් නයෙෆ් අල්-ඔටයිබි ප්‍රකාශ කළේ ය.

කොවිඩි වසංගතය හේතුවෙන් ඇති වු ආර්ථික බලපෑම් යාථාතත්ත්වයට පත්වීමත් සමගම තෙල් සහ ගෑස් ඉල්ලුම වැඩිවීමට පටන් ගෙන ඇති බවත්, උපාය මාර්ගානුකූලව සිය ස්වභාවික ගෑස් නිෂ්පාදනය ඉහළ නැංවීමට සමාගම කටයුතු කරන බව කලීඩ් නයෙෆ් අල්-ඔටයිබි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS