වෛද්‍යවරු සංකීර්ණ ශල්‍යකර්මයක



අබුඩාබි ශල්‍ය වෛද්‍යවරු හදිසි අනතුරකින් වෙන් වු අඟිල්ලක් නැවත සවිකිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.

හදිසි අනතුරක් හේතුවෙන් වම් අතේ මාපටැඟිල්ල වෙන්ව ගොස් ඇති අතර, පැය කීපයක අතිශය සංකීර්ණ ශල්‍ය කර්මයකින් පසු නැවත යථාතත්ත්වයට සකස් කිරීමට හැකි වී ඇත. 

30 හැවිරිදි ඊජිප්තු ගොවියෙකු වන මෙම පුද්ගලයා මිතුරෙකුගේ නිවසේ නානකාමරයේ ජනේලයක් වසා දැමීමට උත්සාහ කිරීමේදී වීදුරු කවුළුවක් ඔහුගේ අත මතට වැටී වම් අතේ මාපටැඟිල්ල වෙන් වී ඇති බව අල්-අරේබියාවෙබ් අඩවිය වාර්තා කළේ ය.

අනතුර සිදු වු අවස්ථාවේදිම වෙන් වු ඇඟිල්ලත් සමඟ රෝහල් ගත කිරීමට මිතුරා කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online අබුඩාබි නුවර)

RECOMMEND POSTS