වෙළඳසැල් වසා දමන ලෙස නියෝගයක්



කුවේටයේ වෙළඳසැල් මධ්‍යම රාත්‍රිය වනවිට වසාදමන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

එම නියෝගය අනුව, නේවාසික ප්‍රදේශවල පිහිටි සියලුම වෙළඳසැල් මධ්‍යම රාත්‍රියේදී වසා දමන ලෙස පරිපාලන නියෝගයක් නිකුත් කර ඇත.

මහජන යහපත, නිශ්ශබ්දතාවය සහතික කිරීම, ආරක්ෂාව සහ විය හැකි අහිතකර බලපෑම්වලින් තරුණයින් ආරක්ෂා කිරීම මෙම නියෝගයේ ප්‍රධාන අරමුණ බව අල්-රායි පුවත්පත උපුටා දක්වයි.

ඔසුසැල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ විකුණන වෙළඳසැල්වලට මෙම නියෝගය අදාල නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)


RECOMMEND POSTS