වීසා කාලසීමාව දීර්ඝ කරයි



සෞදි අරාබිය සංචාරක වීසා කාලසීමාව මාස 03 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සංචාරක වීසා කාලසීමාව මාස 3ක් (දින 90) දක්වා දීර්ඝ කිරීමට සෞදි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඊට අමතරව, සංක්‍රමණ(transit visas) වීසා බලපත්‍ර කාලසීමාව පැය 96ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

පවුල් සංචාරක වීසා බලපත්‍ර කාලසීමාව (දින30) නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

සල්මාන් රජුගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී වීසා ක්‍රමයේ ව්‍යුහයේ වෙනස්කම් කිරීමට අනුමතිය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS