විදේශිකයන්ට එන්න අවසර දෙයි



සෞදි අරාබියේ සංචාරය කිරීමට විදේශිකයන්ට අවසර ලබාදීමට සෞදි රජය ඉදිරියේදි කටයුතු කරන බව වාර්තා වේ.

කොවිඩ්-19 එන්නත සම්පූර්ණයෙන් ලබාගෙන සිටින සහ මෑතකදී පූර්ණ සුවය ලැබූ විදේශකයන්ට රජයේ හෝටල්වල නිරෝධායනය වීම තවදුරටත් අවශ්‍ය නොවන බව සෞදි රජය නිවේදනය කරනවා.

මෙම නව ක්‍රියාමාර්ග අදාළ වන්නේ, දැනට සේවයේ යෙදි සිටි විදේශ ශ්‍රමිකයන්ට, රජයේ සහ ව්‍යාපාරික සංචාරකයින්ට සහ මිතුරන් හා පවුලේ අය බැලීමට පැමිණෙන විදේශිකයන්ට මිස විදේශීය සංචාරකයින්ට නොවන බව සෞදි සංචාරක අධිකාරිය පවසනවා.

මේ වසරේදී විදේශීය සංචාරකයින් සඳහා සෞදි අරාබිය නැවත විවෘත කරන බව සෞදි සංචාරක අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, ෆාඩ් හමීදාඩින් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS