විද්‍යුත් වාහන ලක්ෂයක් මිලදී ගනියි



සෞදි අරාබිය විද්‍යුත් වාහන ලක්ෂයක් මිලදී ගැනීමට යන බව වාර්තා වේ.

ඉදිරි වසර දහයක කාලය තුල අදාල වාහන ප්‍රමාණය මිලදී ගැනීමට සැළසුම් කර ඇති බව සෞදි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන Lucid Group සමාගම සමඟ සෞදි මුදල් අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ ඇත.

එම කාලය තුළ අමතර වාහන 50,000ක් දක්වා මිලදී ගැනීමද ගිවිසුමට ඇතුළත් බව Lucid Group සමාගම නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS