වැඩිම දෛනික රෝගීන් වාර්තා වෙයි



කුවේටයේ කොරෝනා වසංගතය ආරම්භ වු දා සිට මේදක්වා වාර්තා වු වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙයි.
කොරෝනා රෝගීන් 1,977 දෙනෙක් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම කාලය තුළ කොරෝනා ආසාදිතයන් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත. 

කුවේටයේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 365,649 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ථ මරණ සංඛ්‍යාව 2,029ක් වේ.කොරෝනා ආසාදනය වු පුද්ගලයන් 345,106 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

කොරෝනා ආසාදිතයන් 303 දෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS