වැඩිපුර එන්නත් වෙනත් රටවලට
තමන් සතු ෆයිසර් බයෝටෙක්, කොවිඩ්-19 එන්නත් අතිරික්තය වෙනත් රටකට මුදාහැරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටී.
ඔවුන් වෙනත් රටවල් සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් එම එන්නත් මාත්‍රා මෙම මාසය අවසන් වනවිට කල් ඉකුත්වීමට නියමිත බව බලධාරීහු ප්‍රකාශ කළහ. තමා ෆයිසර් ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා සමඟ ඒ ගැන කතා කළ බව ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පැවසීය.
ඒ ආකාරයට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් පමණ වෙනත් රටකට සැපයීමට ඇති හැකියාව පිළිබඳව ඔවුන් සොයාබලමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ටෙල් අවීව් (රොයිටර්)