වානිජ ගුවන් ගමන් යළි අරඹයි



කුවේටය රටවල් කීපයක් සමඟ වානිජ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව වාර්තා වේ.

කුවේට් අමාත්‍යාංශ කමිටුවක් මඟින් සකස් කරන ලද කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට අනුකූලව වානිජ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව කුවේට් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉන්දියාව, ඊජිප්තුව, පකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය එම රටවල් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS