ව්‍යාපාරික ගාස්තු අඩු කරයි



අබුඩාබියේ ව්‍යාපාර පිහිටුවීමේ ගාස්තු සියයට 94කින් අඩු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ව්‍යාපාර පිහිටුවීමේ ගාස්තුව ඩිරාම් 1,000ක් දක්වා අඩු කර ඇති බවත්, 2021 ජුලි 27 දිනෙන් පසු එම මුදල අය කරන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

ව්‍යාපාර පිහිටුවීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා අය කරනු ලබන ෆෙඩරල් ගාස්තු එලෙසම අය කරගන්නා බව ජනමාධ්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

 


RECOMMEND POSTS