වසර 3,000 ක් පැරණි නගරයක් මතුවෙලා



වසර 3,000 ක් පැරණි පාරාවන්ගේ නගරයක් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත් වී සිටිති.

අතීත ඊජිප්තුව හැදින්වෙන්නේ මිසරය යන නමිනි. පාරාවන් යනු මිසරයේ රජවරුන්ය. ඉපැරණි නගරය පාරාවන්ගේ ස්වර්ණමය යුගයට අයත් එකක් යැයි පුරාවිද්‍යාඥයෝ කියති.

නගරයේ නටබුන් සොයා ගැනීමට හැකිවූයේ ලක්සෝර්වලට ඔබ්බෙන් කාන්තාරයෙනි.

තුතන්කාමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමෙන් පසු, සිදුවුණු වැදගත් මෙන්ම ඓතිහාසික සොයා ගැනීමක් ලෙස මෙම සොයා ගැනීම සැලකෙයි.

'මේ නටබුන් වසර 3,000 ක් පරණයි. හමුවුණේ රජුන්ගේ නිම්නයෙන්. තෙවැනි ඇමෙන්හොටෙප් පාරාවන්ගේ පාලන කාලයේ මෙම නගරය මිසරයේ කැපී පෙනෙන තැනක් වූ බවට සාක්ෂි හමුවී තිබෙනවා' යැයි පුරාණ නගරයේ නටබුන් සොයා ගවේෂණය කළ ගවේෂණ කණ්ඩායමට නායකත්වය දුන් ආචාර්ය සාහී හවාස් පවසයි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS