වස දුන් අයට දඩුවම් කරනවා



ඉරාන ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය උදුරා ගැනීමට තැත් කරමින් එම දැරියන්ට වස දෙන අන්තවාදීන්ට දැඩි දඩුවම් පමුනුවන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසයි.

ඉරාන උත්තරීතර නායකයා මෙසේ පවසා ඇත්තේ, ඉරාන ශිෂ්‍යාවන්ට වසදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් රජයට එරෙහිව නැගී එද්දීය.

මේ වනවිට 100 කට වැඩි ශිෂ්‍යාවන් පිරිසක් ආහාර විෂවීම් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS