වඳුරු උණ රෝගියෙක් ඊශ්‍රායලයෙන්



ඊශ්‍රායලයෙන් ද පළමු වරට වඳුරු උණ රෝගියකු වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

වඳුරු උණ රෝගියා ටෙල් අවීව් නුවර ඉචිලෝව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, රෝගියා 30 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත් පැවැසෙයි.

මොහු යුරෝපා සංචාරයකින් පසු ඊශ්‍රායලයට පැමිණි අයකු බවත්, එම යුරෝපා සංචාරයේදී වයිරසය ආසාදනය වන්නට ඇති බවත් සැක කෙරේ.

ඊශ්‍රායලය අයත් වන්නේ මැදපෙරදිග කලාපයටය. මේ වනවිට අප්‍රිකාවට පමණක් සීමා වූ වඳුරු උණ වයිරස රෝගය යුරෝපා රටවලින්, ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් ද වාර්තා වේ.

මේ වනවිට වාර්තා වී ඇති වඳුරු උණ රෝගීන් ගණන 100 කට වැඩිය. මරණ කිසිවක් වාර්තා වී නැත.

මහා බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ස්විට්සර්ලන්තයෙන්, බෙල්ජියමෙන්, ඉතාලියෙන්, පෘතුගාලයෙන්, ස්පාඤ්ඤයෙන්, ස්වීඩනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් වඳුරු උණ ආසාදිතයන් හමුවී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS