ලෙබනනයට නව අගමැතිවරයෙක්



ලෙබනනයේ නව අගමැති ලෙස එම ධුරයට, ජර්මනියේ ලෙබනන් තානාපති ලෙස කටයුතු කරන මුස්තාෆා අඩීබ්ගේ නම යෝජනා වී තිබේ. අග්‍රාමාත්‍ය ධුරයට මුස්තාෆා අඩීබ් සුදුසු යැයි යෝජනා කර ඇත්තේ ලෙබනනයේ හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ එකමුතුවය.

මුස්තාෆා අඩීබ්, වසර ගණනාවක් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල අයෙකි. නව රජයක් කඩිනමින් පිහිටුවා, දිනෙන් දින ප්‍රමාද වූ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්, පසුගිය අගෝස්තු 4 වැනිදා බේරූට් වරායේ සිදුවුණු බිහිසුණු පිපිරුමෙන් විනාශ වූ බේරූට් නුවර යළි ගොඩනැගීමටත්, යටිතල පහසුකම් දියුණු කිරීමටත් අඩීබ් සමත් වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ එකමුතුව පවසා තිබේ.

ලෙබනනයේ සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතරේ, බලය බෙදා ගැනීමේ එකඟතාවක් පවතී. එම එකඟතාවට අනුව, අගමැති ධුරය සැමවිටම හිමිවිය යුත්තේ සුන්නි මුස්ලිම්වරයකුටය. අගමැති ධුරය සඳහා සුදුස්සකු නම් කිරීම සිදුවන්නේ එරට හිටපු අග්‍රාමාත්‍යවරුන් සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමය. මුස්තාෆා අඩීබ්, අගමැති ධුරය සඳහා යෝජනා කළේ ද මෙම සිවුදෙනාය.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS