ලෙබනනය ලොක්ඩවුන්



ගතවුණු පැය 24 ඇතුළත ලෙබනනයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 439 දෙනකු හමුවීමත් සමඟ ලෙබනනය ලොක්ඩවුන් කිරීමට එරට සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර ඇත.

ලෙබනනය ලොක්ඩවුන් කරනු ඇත්තේ සති දෙකක කාලයක් සඳහා යැයි ලෙබනන් භාරකාර රජය පවසා තිබේ. ලෙබනනය දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් මේ වනවිට අසරණ තත්ත්වයකට ඇද වැටී තිබේ.

ඊට හේතුව වූයේ ලෙබනනයේ බේරූට් වරායේ සිදුවුණු බිහිසුණු පිපිරුමය. පිපිරුමට හේතුව, අනාරක්ෂිත අයුරින් ගබඩා කළ ඇමෝනියම් නයිටේ්‍රට් තොගයකි.

ජීවිත අනතුරේ දැමුවේ යැයි ලෙබනන් රජයට චෝදනා එල්ල වෙද්දී, රජය ඉල්ලා අස්විය. කෙසේ නමුත් ලෙබනන් ජනපතිගේ ඉල්ලීමට අනුව, නව රජයක් පිහිටුවන තුරු භාරකාර රජයක් ලෙස කටයුතු කරයි.

ලෙබනනයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 8,881 තෙක් ඉහළ ගොස් තිබේ. මරණ 103 පසු කර තිබේ. ලෙබනන් පිපිරීමත් සමඟ සිදුවුණු ව්‍යසනයත්, ඉන්පසු රජයට එරෙහිව එල්ල වුණු විරෝධතාත් හේතුවෙන් කොරෝනා වයිරසය තවත් ව්‍යාප්ත වන්න ඇති බව සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS