ලිංගික හිංසනයට එරෙහි දැඩි දඩුවම්



ඊජිප්ත්තුවේ ලිංගික හිංසනයන්ට එරෙහිව ලබා දෙන දඩුවම් වැඩි කර ඇති බව වාර්තා වේ.

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් සහ ඒ ආශ්‍රිත අපරාධ දරුණු අපරාධ ලෙස නම් කර දැඩි දඩුවම් ලබාදීමට ඊජිප්තු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

දිගු කලක් තිස්සේ කාන්තාවන්ට අවාසි සහගතව පවතින ලිංගික අඩම්තේට්ටම් සහ පහරදීම්  සම්බන්ධ නීතිරීති වෙනස් කර, ඒවා මැඩපැවැත්වීම සඳහා දඩුවම් වැඩි කිරීමට කටයුතු කර ඇත.

ලිංගික අපරාධ වැඩි වැඩියෙන් මෑත වසරවලදී සමාජය තුළ කතාබහට ලක්වන මාතෘකාවක් වීම හේතුවෙන් දඩුවම් වැඩි කිරීමට හේතු වී ඇත.
සමාජ මාධ්‍යවල ලිංගික අතවරයන් පිළිබඳව පසුගිය වසරේදී විශාල වශයෙන් වාර්තා පළ කිරීමට පටන් ගත් නමුත්, ලිංගික අපරාධ සම්බන්ධයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩි වශයෙන් දොස් පැවරීම සිදුවන බව ප්‍රචාරකයින් පවසයි.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS