රෝගීන් අටක් ගින්නට බිලිවෙයි



ගිණිකොනදිග තුර්කියේ ගැසියන්ටෙප් පළාතේ පෞද්ගලික රෝහලක ඇති වු ගින්නකින් රෝගීන් අට දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

කොවිඩ් -19 දැඩි සත්කාර ඒකකයේ ගින්න හටගෙන ඇති බවත්, ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙක් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව තුර්කි පොලීසිය ප්‍රකාශ කරනවා.

මෙම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 11 දෙනෙක් අවට රෝහල් වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඉස්තාන්බුල් නුවර)

RECOMMEND POSTS