රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානයක්



මැදපෙරදිග ප්‍රථම අභ්‍යවකාශ රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානය ඕමානයේ ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

වාණිජ, වෘත්තීය සහ අධ්‍යාපනික රොකට් භාවිතා කරන්නන් එකට එක්රැස් කරඅධ්‍යාපනික පර්යේෂණ වැඩසටහන්දේශීයව සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ මුලික අරමුණ වී තිබේ.

“Virgin Galactic“සහ “Blue Origin“ වැනි පුද්ගලික අභ්‍යවකාශ සමාගම් මැද පෙරදිග අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ සංචාරක ගුවන් ගමන් දියත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවසර ඉල්ලා සිටියද, එම මෙතෙක් ඉටු වී නොමැත.

එහි පළමු රොකට් දියත් කිරීම2024 මුල් භාගයේදී දැකගත හැකි බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS