රුසියාවට ආයුධ ගන්න ඉරානයේ සහාය



සම්බාධක හේතුවෙන්, රුසියාවට අවි ආයුධ ලබා ගැනීමට ඉරානයේ සහාය හිමිවෙනවා යැයි බ්‍රිතාන්‍යයේ 'ගාඩියන්' පුවත්පත පළ කළ විශේෂ වාර්තාවක් සම්බන්ධයෙන් ඉරානය කනස්සල්ල පළ කර තිබේ.

ඉරානය කිසිදු අවස්ථාවක රුසියාවට අවි ආයුධ ලබා ගැනීමට සහාය දක්වා නැතැයි ලන්ඩන් නුවර ඉරාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.

ගාඩින් පුවත් පත අනාවරණය කර ඇත්තේ ඉරානය රුසියාවට අවි ආයුධ සහ පතුරම් ලබා දෙන බවටය.

රුසියාව සහ ඉරානය අතරේ ඉතා සමීප මිත්‍රත්වයක් පවතින නමුත් රුසියානු යුක්රේන අර්බුදයේ දී ඉරානය ද මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඉරානය දිගින් දිගටම රුසියාවට දන්වා ඇත්තේ යුද්ධය නවත්වන ලෙසය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS