රුසියන් යුක්රේන සාමකතා සාර්ථක වේවි



යුද ගැටුම් අවසන් කිරීමට රුසියානු රජයත්, යුක්රේන රජයත් අතර පැවැත්වෙන සාකච්චා සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය මෙව්ලුත් කවොසෝග්ලු පවසයි.

රුසියාවත් යුක්රේනයත් අතර ගැටුම් නැවැත්වීමට මැදහත් වී සිටින නේටෝ රාජ්‍යයක් ලෙස තුර්කිය සැලකෙයි. තුර්කිය සහ රුසියාව අතර සමීප සබඳතා පවතින අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ රුසියන් ජනාපධිති පුටින් සමීප මිතුරන්ය.

රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුල්බා මුහුණට මුහුණ හමුවීමට සලස්වමින්, සාම කතා පැවැත්වීම සිදු කළේ තුර්කි ජනාපධිතිවරයාගේ මැදිහත් වීමෙනි. ඒ මීට දින කීපයකට පෙරය.

ඉන්පසු තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුත් කවොසෝග්ලු රැසියාවට ගොස් රුසියන් විදේශ අමාත්‍යවරයාත්, ඉන්පසු යුක්රේනයට ගොස් යුක්රේන විදේශ අමාත්‍යවරයාත් හමුවී සාකච්ඡා පැවැත්වීය.

(රොයිටර්)

 


RECOMMEND POSTS