රුසියන් යානාවලට ගුවන්සීමාව වසා දමයි



සිරියාව බලා යන රුසියන් සිවිල් සහ හමුදා ගුවන් සේවා සදහා තම ගුවන් සීමාව වසා දමන බව තුර්කි විදේශ ඇමැති මෙවුල්ත් කවෝසෝග්ලූ පවසා තිබේ.

'සිරියාවට යෑම සදහා අපේ ගුවන් සීමාව භාවිතයට ගැනීමට රුසියාවට අවසර නොදෙන බව අප කල් තියා දැනුම් දීමක් කර තිබෙනවා. එම දැනුම්දීම කළේ පසුගිය මාර්තුවේ. දැන් එය ක්‍රියාත්මක වේවි' යැයි විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි පවසා ඇත.

සිරියානු අර්බුදයේ දී තුර්කිය සහාය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට විරෝධය පළ කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS