රුසියන් තුර්කි විදෙස් ඇමැති හමුව



යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතර හමුවක් තුර්කිය මැදිහත් වීමෙන් තුර්කියේ අන්ටල්යා නුවරදී පැවැත්විණි.

ගැටුම් හමුවේ අසරණ වුණු යුක්රේන වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීමට ඉඩ ලබා දීමට සටන් විරාම ක්‍රියාත්මක කිරීමට රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කළත්, යුද ගැටුම් නැවැත්වීමට රුසියාව සහ යුක්රේනය අතර එකඟතාවක් ඇති කර ගැණුනේ නැතැයි පැවැසෙයි.

රුසියන් විදේශ අමාත්‍ය ලැව්රෝව් පවසා ඇත්තේ රුසියාව අපේක්ෂා කළ සහ සැලැසුම් කළ ආකාරයට හමුදා ක්‍රියාමාර්ගය සාර්ථකව සිදුවෙන බවය.

යුක්රේන සහ රුසියන් විදේශ ඇමැතිවරුන් ගෙන්වා සාම සාකච්ඡා සඳහා ඔවුන් යොමු කිරීමට මැදහත්කරු ලෙස කටයුතු කළේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එරර්දොවාන්ය.

තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර, රුසියාවේත් රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේත් සමීප මිතුරෙකි. සාම සාකච්ඡා පැවැත්වෙන ආකාරය සහ එහි ප්‍රගතිය පිළිබඳ විස්තර ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, තුර්කි ජනාධිපතිවරයාගෙන් විමසා බැලූ බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS