රියාද් එයාර් නමින් අලුත් ගුවන්සේවයක්



සෞදි අරාබිය “රියාද් එයාර්“ නමින් අලුත් ගුවන් සේවයක් අරම්භ කරන බව වාර්තා වේ.

“රියාද් එයාර්" නමින් නව ජාතික ගුවන් සේවයක් නිර්මාණය කරන බවත්, එය සම්පූර්ණයෙන්ම මහජන ආයෝජන අරමුදලට අයත් වන බව සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් නිවේදනය කළේ ය.

රියාද් නගරය ලෝකයට දොරටුවක් බවට පත් කරන බවත්, ප්‍රවාහනය, වෙළඳාම සහ සංචාරක කටයුතු සඳහා ගෝලීය ගමනාන්තයක් බවට පත් කිරීමට උත්සාහ කරන බව සෞදි ඔටුන්න හිමි කුමරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

තෙල් නොවන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ඩොලර් බිලියන 20ක් එකතු කිරීමටත්, ඍජු හා වක්‍ර රැකියා 200,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS