රාජකීය ලාංඡනය භාවිතය තහනම්



ඕමාන් රාජකීය ලාංඡනය අවසරයකින් තොරව භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ඕමාන් වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් බලපත්‍රයක් ලබා නොගෙන පුද්ගලික ආයතන, වාණිජ සමාගම් සහ වාණිජ නිෂ්පාදන සඳහා රාජකීය ලාංඡනය භාවිතා කිරීම ඕමානය විසින් තහනම් කර ඇත.

අදාල නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඕමානයේ 52 වැනි ජාතික දිනයට පෙර මෙම තහනම නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS