යුධ ආධාර ලබාදීමට ඉරානය ප්‍රතිඥා දෙයි



ඉරානය රුසියාවට යුධ ආධාර දීමට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉරානය සතුව පවතිනඅති-නවීන මිසයිල් සහ ඩ්‍රෝන යානා ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බව රොයිටර් ප්‍රවත් සේවය පවසයි.

එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර බලවතුන් කෝපයට පත් කිරීමට ඉඩකඩ ඇති බව වර්තා වේ.

ඉරානයේ පළමු උප-ජනාධිපති මොහොමඩ් මොක්බර්, ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියෙකු රුසියාව සමඟ ආයුධ ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් නුවරට ගොස් ඇත.

රුසියාවට ඩ්‍රෝන යානා සැපයීම සහ යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට ඉරාන ඩ්‍රෝන යානා භාවිතා කර ඇති බවට එල්ල වන චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ටෙහෙරාන් නුවර )

RECOMMEND POSTS