යුදෙව් ආගමික උත්සවයක තෙරපීමක්



ඊශ්‍රායලයේ යුදෙව් ආගමික උත්සවයක, බැතිමතුන් අතරේ හටගත් තෙරපීමකින් 38 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් සියයට වැඩි පිරිසක් රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවය.

මේ වනවිට ඊශ්‍රායල වැසියන්ගෙන් හරි අඩකට වඩා 'ෆයිසර්' කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන අවසන්ය. ඊශ්‍රායලයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති අතර, පාසල් ද යළි ආරම්භ වී තිබේ.

උතුරුදිග ඊශ්‍රායලයේ මොරොන් නගරයේ මෙම යුදෙව් ආගමික උත්සවය පැවැත්වීම සිදුවූයේ එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ඊට හිමිවුණු බැවින් යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS