යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි



සෞදි රාජකීය ගුවන් හමුදාව සහ ඇමරිකානු ගුවන් හමුදාව එක්ව සිදුකල යුද අභ්‍යාසය සෙනසුරාදා (22) සාර්ථකව අවසන් වු බව වාර්තා වේ.

කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම ප්‍රහාරයකට දෙරටේ ගුවන් හමුදාව පුහුණු කිරීම, දැණුම හුවමාරු කරගැනීම, ඒකාබද්ධ සටන් සූදානම් මට්ටම ඉහළ නැංවීම සහ සෞදි සහ ඇමරිකානු හමුදා අතර සහයෝගීතාවයේ වර්ධනය කිරීම යුද අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වී ඇත.

කලාපයේ ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගෙන යෑමද මෙම යුද අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ අතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබි ප්‍රවෘත්ති, රියාද් නුවර) 

RECOMMEND POSTS