යළි අගමැති ලෙස පත් කරයි



කුවේටයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙයික් අහමඩ් නවාෆ් අල්-සබාව යළි පත් කර ඇති බව වාර්තා වේ.

කුවේට් අමීර්වරයා ෂෙයික් අහමඩ් නවාෆ් අල්-සබාව අගමැතිවරයා ලෙස පත් කරන ලෙස නියෝග කර ඇත.

කුවේට් අගමැතිවරයා කුවේට් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වසර ගණනාවක් සේවය කර ඇත.

ජාතිකත්වය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ සහකාර උප- ලේකම් ලෙසද,අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ සහකාර උප-ලේකම් ලෙස කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS