මූල්‍ය අපරාධකරුවන් 79 කට වැඩ වරදියි



ඩුබායි අපරාධ අධිකරණය මූල්‍ය අපරාධකරුවන් 79 දෙනෙකු වරදකරුවන් කර ඇති බව වාර්තා වේ.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ අපරාධකරුවන් 79 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක මූල්‍ය අපරාධ කණ්ඩායම ඩුබායි අපරාධ අධිකරණය මඟින් වරදකරුවන් කර ඇත.

වසර 3 සිට 15 දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර, සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට අපරාධ අධිකරණය නියෝග කළේ ය.

එක් අපරාධකරුවෙකුට ඩිරාම් 200,000 සිට 10,000,000 දක්වා දඩ මුදලක් නියම කර ඇති අතර, ඔවුන් සතුව තිබු බැංකු ගිණුම්, දේපළ වෙළඳාම්, මෝටර් රථ, පරිගණක, ජංගම දුරකථන, ඔරලෝසු සහ ස්වර්ණාභරණ රාජසන්තක කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS