මුදල් බෑගය සොරකම් කළ කල්ලිය හිරේට



එමිරේටයේ ඩුබායි නුවර ගෘහ භාණ්ඩ අලෙවිසැලකින් ඩිරාම් 455,000ක් අඩංගු බෑගයක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

මුදල් අඩංගු බෑගය සොරකම් කිරීම සම්බන්ධයෙන් පස්දෙනෙකුගෙන් යුත් ආසියානු කල්ලියක් සිරගත කිරීමට ඩුබායි අපරාධ අධිකරණය නියෝග කර ඇත.

2021 මැයි මාසයේ සොරකම සිදු වී ඇති අතර, එම මුදල් බෑගය වෙළඳසැලේ හිමිකරුට අයත් එකක් බව සඳහන් වේ.

කල්ලියේ සියලුම සාමාජිකයින්ගේ සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසු පිටුවහල් කරනු ලැබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online  - ඩුබායි නුවර)

RECOMMEND POSTS