මිලියන 20ක ඉස්සන් වගා කරයි



ඕමානය රියාල් මිලියන 20ක ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාර්තා වේ.
ඕමාන් ආර්ථිකය විවිධාංගීකරණය කිරීමේ පියවරක් ලෙස මිලියන 20 ක් වටිනා ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඕමාන් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

2022 දී ඇස්තමේන්තුගත නිෂ්පාදන ධාරිතාවය ඉස්සන් ටොන් 2,100 ක් සහ 2023 වර්ෂයේ සිට වසරකට ඉස්සන් ටොන් 4,600 ක අස්වැන්නක් ලබාගැනීමට අමාත්‍යාංශය  බලාපොරොත්තු වේ.
විලයාත් නගරයේ කුරෝන් ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කරන බව ඕමාන් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS