මිතුරාගේ දරුවාව ඇලකට විසිකරලා



ඊජිප්තුවේ පුද්ගලයෙක් තම මිතුරාගේ වයස අවුරුදු 4ක දරුවා ඇලකට විසි කර ඇති බව වාර්තා වේ.

දරුවාගේ සිරුර ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහමුදියා ඇළෙන් හමුවීමෙන් පසු පොලීසිය වහාම ක්‍රියාත්මක වී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

දරුවාගේ පියාගේ සහ ඝාතකයාගේ ආරවුල් ඉතිහාසය පිළිබඳව ඊජිප්තු ආරක්ෂක අංශ සියුම් ලෙස පරීක්ෂා කර ඇති අතර, එහිදි දරුවාගේ ඝාතකයා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබේ.

ඝාතකයාට නිරන්තරයෙන් සිදු කරන ලද සමච්චල් කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය දැනට අනාවරණය කර ගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඇලෙක්සැන්ඩ්‍රියා නුවර)


RECOMMEND POSTS