මානව වර්ගයක පොසිල කොටස් ඊශ්‍රාලයෙන්



මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක පොසිල කොටස් ඊශ්‍රායලයේ   රම්ලා නගරයේ තිබී‍යදී ඊශ්‍රායල පර්යේෂක කණ්ඩායමක්  විසින් හඳුනා ගෙන ඇත.

ඒ අනුව,ඒම මානව පොසිල කොටස්  මීට වසර එක් ලක්ෂ  හතළිස් දහසත් , එක් ලක්ෂ විසි දහසක් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ තිබේ.

අලුතින් සොයාගත් පුරාණ මානව වර්ගය “නේෂර් රම්ලා හෝමෝ වර්ගය” ලෙස විද්‍යාඥයින් විසින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිලා මේ මහතා පැවසුවේ, මෙම සොයා ගැනීම මානව පරිණාමයේ කතාව විශේෂයෙන්ම නියැන්ඩර්තාල්වරුන්ගේ කතාව නැවත සකස් කරන්නක් බවය.

තිළිණි ද සිල්වා
(ද ගාඩියන් ඇසුරිනි)


RECOMMEND POSTS