මහලේකම් සහයෝගිතාවය පළ කරයි



ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා ඇල්ජිරියාවට සහයෝගය පළ කර ඇති බව වාර්තා වේ.

ඇල්ජිරියාවේ බොහෝ ප්‍රදේශවල පැතිර ගිය ළැව් ගිනි හේතුවෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්, ආචාර්ය යූසෙෆ් බින් අහමඩ් අල්-ඔතායිමීන් ඇල්ජීරියාවට පූර්ණ සහයෝගිතාවය පළ කිරීමට කටයුතු කර ඇත.

ළැව්ගින්නෙන් පිඩා විඳින ඇල්ජීරියානු ජනතාවට සහ රජයට සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇති බවත්, තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලබා දෙන ලෙස සියලු සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් මහලේකම්වරයා ඉල්ලා සිටින බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)


RECOMMEND POSTS