මත්පැන් විෂවෙලා 10 ක් මැරිලා



අනවසරයෙන් නිවෙසක පිළියෙළ කළ මත්පැන් පානය කිරීමෙන් ඉරානයේ නගරයක 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, එම නව දෙනාගෙන් කෙනකු කාන්තාවක බවත් පැවැසෙයි.

මත්පැන් පානය කිරීමෙන් රෝගී වූ තවත් 75 දෙනකු රෝහල් ගත කර ඇතැයි ද පැවැසෙයි.

මත්පැන් විෂවීමෙන් රෝගී වූයේ ඉරානයේ වෙරළාශ්‍රිතව පිහිටි බණ්ඩාර් අබ්බාස් නගරයේ වැසියන්ය.

රෝහල් ගතකළ 75 දෙනාගෙන් 45 දෙනකුගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවත්, ඔවුන්ගේ ඇස් පෙනීම ද දුර්වල වී ඇති බවත් වෛද්‍යවරු පවසති.

(අල් ජසීරා)


RECOMMEND POSTS