මත්ද්‍රව්‍ය ජාවාරමටපියා දැරියව යොදා ගෙන



එමිරේටයේ ආසියානු පියෙකු මත්ද්‍රව්‍ය ජාවරම කරගෙන යෑම සඳහා තම දියණිය යොදා ගෙන ඇති බව වාර්තා වේ. වයස අවුරුදු නවයේ දැරියව සංචාරක වීසා මත අජ්මාන් වෙත ගෙනවිත් ඇති අතර, පොලීසිය නොමඟ යැවීම සඳහා දැරියව යොදා ගෙන ඇත.

මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දැරියගේ පියා නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අජ්මාන් පොලිසිය දරුවාව අජ්මාන් කාන්තා හා ළමා ආරක්ෂණ පදනමට භාරදීමට කටයුතු කළේ ය.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු, දැරියව මව් රටට යැවීමට අජ්මාන් කාන්තා හා ළමා ආරක්ෂණ පදනම කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online අජ්මාන් නුවර)

RECOMMEND POSTS