මඟී නැව් සේවාව අරඹනවා : අබුඩාබිය කියයි



අබුඩාබියේ මඟී නැව් සේවාව යළි ආරම්භ කරන බව සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට නතර කර තිබු මඟී නැව් සේවාව 2021 සැප්තැම්බර් 01දින සිට යළි ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු කරයි.

අබුඩාබියේ සමුද්‍රීය සංචාරක කර්මාන්තය කැපී පෙනෙන වර්ධනයක් 2019 වර්ෂයේ දී පෙන්නුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමුද්‍රීය සංචාරක කර්මාන්ත අංශයේ වාර්තා ගත වසරක් විය.

2019 වසර තුළ  නරඹන්නන් 500,000 ක් පමණ පැමිණ ඇති අතර, එය 2018 වසරට සාපේක්ෂව සියයට 46 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS