බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඩුවම



බිරිඳ සැලසුම් සහගතව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුවේට් අපරාධ අධිකරණය සැමියෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

තම සේවාදායකයා මානසික රෝගයකින් පෙළෙන නිසා මරණ දඬුවම ලබා නොදෙන ලෙස සැමියාගේ නීතිඥවරයා කළ ඉල්ලීම අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

මානසික රෝග සාපරාධී වගකීමෙන් නිදහස් වීමට හේතුවක් නොවන බව තරයේ ප්‍රකාශ කරමින් අපරාධ අධිකරණය මරණ දඩුවම ප්‍රකාශයට පත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS