පෙම්වතියන් දෙස බැලූ අයට ගුටි



එමිරේටයේ තම පෙම්වතියන් දෙස අනිසි ලෙස බැලු අරාබි ජාතිකයන් හතර දෙනෙකුට පෙම්වතුන් පහරදී ඇති බව වාර්තා වේ.

අරාබි ජාතිකයන් හතර දෙනාට පහරදීම සම්බන්ධයෙන් ආසියාතිකයින්සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම ආසියාතිකයින් සිව්දෙනා වරදකරුවන් කර තිබේ.

වචන හුවමාරුවකින් පසු පොලු සහ පිහි වලින් පහර දී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකයින් හතර දෙනාට බරපතල තුවාල සිදු වූ බව Khaleej Times වෙබ් අඩවිය වාර්තා කරයි.

ආසියාතිකයින් සිව්දෙනාටම ඩිරාම් 10,000 බැගින් දඩ නියම කර ඇති අතර, මාසයක සිර දඬුවමකින් පසු රටින් පිටුවහල් කරන ලෙසඅධිකරණය නියෝග කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS