පැය 48ක් ඇතුළත පිට වෙන්න: කුවේටය කියයි



ලෙබනන්  තානාපතිවරයාට පැය 48ක් ඇතුළත කුවේටයෙන් පිට වන ලෙස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැණුම් දී ඇති බව වාර්තා වේ.

කුවේටය බේරූට් හි කුවේට් තානාපතිවරයාව ආපසු කැඳවීමටද  කටයුතු කර ඇත.

සෞදි අරාබිය සහ අනෙකුත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ  සාමාජික රටවලට එරෙහිව ලෙබනනය සිදුකර ඇති ප්‍රකාශ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැවැත්වීමට ලෙබනන් රජය පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙම තීරණය කුවේටය ගෙන ඇත.

වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශය කනගාටුව ප්‍රකාශ කරන අතර, කුවේටයේ සිටින ලෙබනන් වැසියන් කෙරෙහි සිය උනන්දුව අවධාරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS