පාකිස්තාන අගමැතිගෙන් සෞදි කුමරුන්ට ඇමතුමක්



පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, සෞදියේ සල්මාන් කුමරුන්ට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. ඒ, බලශක්ති සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ද්වීපාරේශ්වීය සහයෝගීතාවක් ඇති කර ගැනීමේ අරමුණින්ය.

පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර, පාකිස්තානයට සෞදි රජයේ සහාය හිමිවෙයි.

පාකිස්තානයත් සෞදියත් අතරේ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ සෞදි කුමරුන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS