ප්‍රහාරයට සති ගණනක් සැලැසුම් කළා



තමන් බටහිර ඉවුරේ තෝරා ගත් ඉලක්කවලට පමණක් පහර දෙන්නේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පමණක් බවත්, සිවිල් වැසියන් අනතුරේ දැමීමට ප්‍රහර නොදෙන බවත් ඊශ්‍රායල හමුදාව කියයි.

බටහිර ඉවුරේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සටන්කාමීන් සැඟවී සිටින ස්ථාන හොඳින් හඳුනාගෙන ඇති බවත්, රොකට් ප්‍රහාර ආරම්භ කළේ සති කීපයක් තිස්සේ ප්‍රහාර සැලසුම් කිරීමෙන් පසුව බවත් ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

අද (6) වනවිට ගාසා තීරයේ වැටළීම් 30 ක් සිදු කළ බවත්, ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක 40 කට මිසයිල ප්‍රහාර 55 ක් එල්ල කළ බවත් ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS