ප්‍රහාරක ජෙට් යානා 80ක් මිලදී ගනී



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප්‍රහාරක ජෙට් යානා 80ක් මිලදී ගනීමට කටයුතු කරන බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන් හමුදාවේ මිරාජ් බලඇණිය ශක්තිමත් කිරීම සඳහා අදාල ප්‍රහාරක ජෙට් යානා මිලදී ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රෆේල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 80 මිලදී ගැනීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප්‍රංශය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආරක්ෂාව සඳහා හොඳම විකල්පය වන රෆාල් යානා ප්‍රංශය සපයන බවත්, ප්‍රංශය සමඟ අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණ ඇති බව එමිරේට්ස් ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක ආඥාපති, මේජර් ජෙනරාල් මාණ්ඩලික නියමු, ඉබ්‍රාහිම් නසාර් අල්-අලවි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS