ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි



සෞදි ගුවන් හමුදාවට අයත් F-15S වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

පුහුණුසැසිවාරයක්අතරතුරදී,ප්‍රහාරක ජෙට් යානයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අබ්දුල්ලා රජු ගුවන්හමුදා කඳවුරට අයත් පුහුණු ප්‍රදේශයට කඩා වැටී ඇත.

ගුවන්හමුදා නිලධාරීන් දෙනෙක් පුහුණුසැසිවාරයසඳහාසහභාගී ඇති බවත්, ඔවුන් දෙදෙනාට දිවිගලවා ගැනීමට හැකි වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක, බ්‍රි ගේඩියර් ටර්කි අල්-මලික් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -රියාද් නුවර)

RECOMMEND POSTS