පළමු වරට කාන්තාවන් යොදවයි



සෞදි අරාබියේ ආගමික ස්ථාවනවල සේවය කිරීම සඳහා  කාන්තාවන් පළමු වරට යොදවා ඇති බව වාර්තා වේ.

මක්කම සහ මෙඩිනාහි වන්දනාකරුවන් අධීක්ෂණය කරනු ලබන ආරක්ෂක සේවාවල කාන්තා සොල්දාදුවන් විශාල සංඛ්‍යාවක් අප්‍රේල් මාසයේ සිට සේවයේ යොදවා ඇත.

“මම මියගිය මාගේ පියාගේ අඩිපාරේ යමින්, ශුද්ධ වූ ස්ථානය වන මක්කම මහා පල්ලිය අසල සේවය කරමින් සිටිමි. බැතිමතුන්ට සේවය කිරීම ඉතා උතුම් හා ගෞරවනීය කාර්යයක්. ” ආරක්ෂක සේවයේ යෙදි සීටින මොනා නම් කාන්තාව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

 


RECOMMEND POSTS