පහසුවෙන් ගිහින් එන්න පුළුවන්



කුවේටයෙන් පිට වී ගොස් පහසුවෙන් නැවත පැමිණිය හැකි බව වාර්තා වේ.

කොවිඩි-19 එන්නතේ මාත්‍රා දෙකම ලබා ගෙන ඇති විදේශිකයන්ට කොවිඩි අවධානම සහිත රටවලට ගොස් ආපසු පැමිණිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ෂෙයික් බාසල් අල් සබා සිය මාධ්‍ය නිවේදනය මඟින් නිවේදනය කර තිබේ. 

එන්නත් ලබා ගෙන ඇති විදේශිකයන් පැමිණීමට පෙර අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා විද්‍යුත් සහතික ලබා ගත යුතු බව නිවේදනයේ සඳහන් කර ඇත.

අවදානම් සහිත රටවල් ලෙස සැලකූ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව මෙයට ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS