පවුල් 1,000කට කුවේටයෙන් ආධාර



සුඩානයේ ඇති වු හදිසි ගංවතුර හේතුවෙන් විපතට පත් වු පවුල් 1,000කට කුවේටයෙන් ආධාර ලබා දී ඇති බව වාර්තා වේ.

එම ආධාර තොගය කුවේට් රතු අඩසඳ සංවිධානය මඟින් ලබාදීමට කටයුතු කර ඇත.

හදිසි ගංවතුර හේතුවෙන් නිවාස 60,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත්, අවම වශයෙන් පුද්ගලයින් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සුඩාන බලධාරිහු ප්‍රකාශ කරති.

දැඩි ලෙස හානියට පත් වූ ගෙසිරා ප්‍රාන්තයට සහන, ආහාර සහ සනීපාරක්ෂක ආධාර දැනටමත් යවා ඇති බව කුවේට් රතු අඩසඳ සංවිධානයේ උප සභාපති, අන්වර් අල්-හසාවි පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS