පරිසරය ආරක්ෂා කරන්න යෙදවුමක්



සෞදි අරාබිය පරිසරයට සිදුවන හානි වාර්තා කිරීම සඳහා යෙදවුමක් නිර්මාණය කර ඇති ඇති බව වාර්තා වේ.

සෞදි පුරවැසියන්ට "මගේ පරිසරය ආරක්ෂා කරන්න" යෙදවුම හරහා පාරිසරික හානි වාර්තා කළ හැකි බව පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍ය, ඉංජිනේරු, අබ්දුල්රහ්මාන් බින්අබ්දුල්මොසන්ඇල්ෆඩ්ලි ප්‍රකාශ කළේ ය.

පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම යහපත් කිරීම සඳහා සෞදි ප්‍රජාවට සක්‍රීයව දායක විය හැකි ආකාරයක් යෙදවුමක් නිර්මාණය කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ඔසාමා ෆකීහා අවධාරණය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS