පරිසර තත්ත්ව දර්ශකයේ මුල්තැනට



ඕමානය ලෝක පරිසර තත්ත්ව දර්ශකයේ අරාබි රටවල් අතරින් පළමු ස්ථානය හිමි කර ගෙන ඇති බව වාර්තා වේ.

“German Inter Nations network 2017“ නැමති ආයතනය මඟින්  2021 වසරේ සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඕමානයට අදාල ස්ථානය හිමි වී ඇති බව ඕමාන් පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ලෝක මට්ටමින් 17 වැනි ස්ථානය ඕමානයට හිමි වී ඇති බවත්, පළමු ස්ථානය ෆින්ලන්තයට සහ දෙවැනි ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති බව පරිසර අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS