පනවා තිබුණු තහනම ඉවත් කෙරේ



මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිට පැමිණෙන  ගුවන් මගීන් සඳහා පනවා තිබූ තහනම පසුගිය 5 වැනිදා සිට ලිහිල් කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය තීරණය කර ඇත.

ඒ අනුව වලංගු පදිංචිය සහිත සහ කොවිඩ්  එන්නත සම්පූර්ණයෙන් ලබා ඇති බවට සහතික කළ  පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, නයිජීරියාව හෝ උගන්ඩාව යන රටවල සංචාරය කළ අය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචාරක තහනම ඉවත් වන බව අබුඩාබි හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.‍

කෙසේ වෙතත්, එම ගුවන් මගීන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු කරන පී.සී.ආර් වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු  බවද එමීරයේ ජාතික හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණ අධිකාරිය ගෝලීය ගුවන් ප්‍රවාහනයේ අතරමැදි ගුවන් ගමන් සිදුකරන ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස එමීරයේ ඩුබායි රාජ්‍ය සැලකේ.

කෙසේ නමුත් දකුණු ආසියානු කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු අදාළ රටවල ගුවන් මගීන්ට සිය රටට ඇතුල් වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පසුගිය අප්‍රේල් 12 වැනිදා  පියවර ගත්තේය.

මේ හේතුවෙන් එරට සිට නිවාඩු ගත කිරීම සදහා සිට රටවලට ගිය ලාංකිකයින් ඇතුළු ඒ ඒ රටවල  විදෙස් ශ්‍රමිකයින්ට නැවත රාජකාරියට වාර්තා කිරීමටද දැඩි බාධා එල්ල විණි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS